පළමු ටෙස්ට් තරගයේ පාලනය තවදුරටත් බංග්ලාදේශයට – Day 2 Report

Date:

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවන දිනය අද(22) නිමා වුණේ තවදුරටත් තරග‍යේ සම්පූර්ණ පාලනය බංග්ලාදේශය වෙත හිමි කර දෙමින්.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින බංග්ලාදේශය අද දිනයට තරගය අත්හිටුවන විට කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 474ක්.

නොදැවී පන්දුවට පහර දෙන මුෂ්ෆිකර් රහීම් ලකුණු 43ක් සහ ලිටොන් දාස් ලකුණු 25ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ඊයේ දිනයේ දී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ නජ්මුල් හුසේන් ශන්ටො අද දිනයේ දී ලකුණු 163කට දැවී ගියා.

ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 17ක් ඇතුළත්.

නායක මොමිනුල් හක් සිය 11 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 127ක්.(4×11)

ටමිම් ඉක්බාල් ලකුණු 90ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු කඩුලු 2ක් දවා ගත් අතර, ළහිරු කුමාර සහ ධනංජය ද සිල්වා අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...