ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලියේ සජීවී විකාශය ගැන නිවේදනයක්

Date:

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුව සහ සජීවී විකාශන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(17) නිවේදනයක් නිකුත් කළා.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් රසල් ආනර්ඩ් සහ රොෂාන් අබේසිංහ යන මහත්වරුන් විස්තර විචාරකයින් ලෙස සුපුරුදු පරිදි මෙම තරගාවලිය සදහා ද එක් වනවා.

ඊට අමතරව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෆර්විස් මහරුෆ් ද විස්තර විචාරකයෙකු ලෙස මෙම ටෙස්ට් තරගාවලිය සදහා එක් වනු ඇති.

විදෙස් විස්තර විචාරකයින් ලෙස එක්වන්නේ අමීර් සොහායිල් (Aamir Sohail) සහ ශමිම් අශ්රෆ් (Shamim Ashraf).

මේ අතර, ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලියේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය ජාතික රූපවාහිනිය සතු වනවා.

සජීවී ගුවන් විදුලි විස්තර විචාරය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ සිදු කෙරෙන අතර, සජීවී දර්ශන ශ්‍රී ලංකා ක්‍රිකට් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද නැරඹිය හැකියි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...