බෙන් ස්ටොක්ස්ට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි

Date:

එංගලන්ත සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ට ශල්‍යකර්මයකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

ඒ, මෙවර අයි.පී.එල් තරගාවලිය යටතේ රාජස්ථාන් කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයේ දී ම ඔහු මුහුණ දුන් වම් අතෙහි ඇගිල්ලක ආබාධය හේතුවෙන්.

ආබාධය නිසා ඔහුට මෙවර අයි.පී.එල් තරගාවලියේ ඉදිරි තරග සියල්ලම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති අතර, අද(17) දිනයේ දී ඔහු සියරට බලා යළි පිටත්ව යනු ඇති.

ආබාධය සුව වීම සදහා සති 12ක පමණ කාලයක් ගත වීමට ඉඩ ඇති බවටයි අනුමාන කර ඇත්තේ.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමේ එළඹෙන ගිම්හාන තරග වාරයේ තරග රැසක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ඔහුට අහිමි වනු ඇති.

ගිම්හාන තරග වාරයේ දී එංගලන්ත කණ්ඩායම, නවසීලන්තයට, ශ්‍රී ලංකාවට, පාකිස්තානයට සහ ඉන්දියාවට එරෙහිව තරග කිරීමට නියමිතයි.

ඉන් නවසීලන්තයට සහ ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලි ක්‍රීඩා කිරීමේ අවස්ථාව මෙම ආබාධය නිසා බෙන් ස්ටොක්ස්ට අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

එළඹෙන ජූනි මාසයේ දී සිදු කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට 20යි 20 තරග 3ක් සහ එක්දින තරග 3ක් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...