පාකිස්තාන ක්‍රීඩකයින්ට ඉන්දීය රජයෙන් සහතිකයක්

Date:

පාකිස්තාන ක්‍රීඩකයින්ට ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දීම වෙනුවෙන් අවශ්‍ය වීසා නිකුත් කිරීමට හැකියාව පවතින බවට ඉන්දීය රජය විසින් දැනුම් දී තිබෙනවා.

ඊයේ(16) පැවැති ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන රැස්වීමකදී ක්‍රිකට් ආයතනයේ ලේකම් ජයි ෂාහ් විසින් මේ බව ප්‍රකාශයට පත් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ සදහා අවශ්‍ය රජයේ සහතිකය ලැබී ඇති බැවින් පාකිස්තාන ක්‍රීඩකයින්ට ඉන්දියාවට පැමිණීමට අවශ්‍ය වීසා ලබා ගත හැකි බව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති අදාළ රැස්වීමේ දී ජය ෂාහ් සදහන් කර තිබෙනවා.

එමෙන්ම 20යි 20 ලෝක කුසලානය ක්‍රීඩාංගන 9කදී පැවැත්වීමට ද මෙහිදී එකගතාවය පලව ඇති බව සදහන්.

ඒ අනුව ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය වන අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගනයේ දී අවසන් මහා තරගය පැවැත්වීමට තීරණය කර ඇති අතර, දිල්ලි, මුම්බායි, චෙන්නායි, කොල්කටා, බැංගලෝර්, හයිදරාබාද්, ධරම්සාලා සහ ලක්නව් යන ක්‍රීඩාංගනවලදී ද තරග පැවැත්වීමට නියමිතයි.

“පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ වීසා ගැටලුව විසදලා තියෙන්නේ. කෙසේ වෙතත්, ප්‍රේක්ෂකයින්ට තරග නැරඹිම සදහා දේශසීමා හරහා පැමිණිය හැකි දැයි මෙතෙක් පැහැදිලි නැහැ” යනුවෙන් ක්‍රිකට් බළධාරියෙකු පී.ටී.අයි පුවත් සේවයට පවසා තිබෙනවා.

එය ඉදිරියේ දී තීරණය කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලන මතභේද හේතුවෙන් පාකිස්තාන කණ්ඩායම 2012 වසරෙන් පසුව මෙතෙක් ඉන්දියාවේ දී ද්විපාර්ශ්වික තරගාවලියක් සදහා ක්‍රීඩා කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...