මැදපෙල අසාර්ථක වීමෙන් හයිදරාබාදයට තවත් පරාජයක් – මුම්බායි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වන තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදා ලකුණු 13ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද(17) සමත් වුණා.

චෙන්නායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 150ක් ලබා ගත්තා.

පළමු කඩුල්ල සදහා ක්වෙන්ටන් ඩී කොක් සහ රෝහිට් ෂර්මා අතර පන්දුවාර 6.3කදී ලකුණු 55ක සබදතාවයක් ගොඩ නැගුණා.

රෝහිට් ලකුණු 32කට දැවී ගිය අතර, ඩී කොක් රැස් කළ ලකුණු සංඛ්‍යාව 40ක්.

සූර්යකුමාර් යාදෙව් ලකුණු 10ක් සහ ඉෂාන් කිෂන් පන්දු 21කින් ලකුණු 12ක් රැස් කළා.

හර්ඩික් පාන්ඩ්යා ද ලකුණු 7කට දැවී ගිය නමුත්, මුම්බායි ඉනිම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය කිරන් පොලාඩ් පන්දු 22කින් නොදැවී ලකුණු 35ක් රැස් කළේ හයේ පහර 3ක් ද සමගින්.

පන්දු යැවීමේ දී විජයි ශන්කර් සහ මුජීබ් රෙහ්මාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම වෙනුවෙන් ද ආරම්භක කඩුල්ල සදහා සාර්ථක සබදතාවයක් ගොඩ නැගුණා.

ඩේවිඩ් වෝනර් සහ ජොනී බෙයාර්ස්ටව් අතර එලෙස පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 7.2ක් තුළ ගොඩ නැගුණු සබදතාවය ලකුණු 67ක්.

ජොනී බෙයාර්ස්ටන් හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමගින් පන්දු 22කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 43ක්.

ඔහු දැවී ගියේ කෘනල් පාන්ඩ්යා යොමු කළ පන්දුවක් හමුවේ හිට් විකට් දැවී යාමකට හසු වෙමින්.

ඩේවිඩ් වෝනර් ලකුණු 36ක් ලබා ගත් නමුත්, මැද පෙල පිතිකරුවන්ගෙන් සාර්ථක දායකත්වයක් හයිදරාබාද් ඉනිමට හිමි වූයේ නැහැ.

හුදෙකලා සටනක නිරත වූ විජයි ශන්කර් හයේ පහර 2ක් සමගින් ලකුණු 28ක් ලබා ගත්තා.

ඒ අනුව සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට පන්දුවාර 19.4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 137ක් පමණයි.

පන්දු යැවීමේ දී රාහුල් චහාර් ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත් අතර, ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 28කට කඩුලු 3ක් බිද හෙලුවා.

ජස්ප්‍රිට් බුම්රා ලකුණු 14ක් පමණක් ලබා දී එක් කඩුල්ලක් බිද හෙලීමට සමත් වුණා.

ඒ අනුව මෙවර තරග වාරය යටතේ හයිදරාබාද් කණ්ඩායම ක්‍රීඩා කළ තරග තුනම මේ වන විට ඔවුන් පරාජයට පත්ව තිබෙනවා.

මෙම ජයත් සමගින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ද සමත් වුණා.

https://twitter.com/lodulalit001/status/1383455236170260481?s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...