වසර 13 පැරණි අදටත් බිඳ නොවැටී පවතින ජයසූරියගේ අපූරූ IPL වාර්තාව

Date:

සනත් ජයසූරිය යනු වාර්තා රැසකට උරුමකම් කියන ක්‍රීඩකයෙක්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසය තුළ ශූරතා 05 කට උරුමකම් කියන ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ද ඔහු වාර්තා පිහිටුවා ඇති බව ඇතැම් විට ඔබ දන්නවා ඇති.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් පළමු ශතකය වාර්තා කළ පිතිකරුවා වන්නේ ද ඔහුයි.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් තරගවාරයක් තළදී වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරුවා වන්නේ ද ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරය වීම විශේෂත්වයක්.

ආරම්භක අයි.පී.එල්. තරගාවලිය වූ 2008 වසරේ පැවති තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් තරග 14 ක් තුළ ලකුණු 514 ක් ලබා ගැනීමට ඔහු සමත් වුණා.

එහිදී හයේ පහරවල් 31 ක් වාර්තා කිරීමට ජයසූරිය සමත් වුණා.

වසර 13 ක් ගත වී තිබුණත් එම වාර්තාව බිඳ හෙලීමට තවමත් කිසිදු මුම්බායි පිතිකරුවෙකු සමත්වී නැහැ.

පසුගිය තරගාවලිය පුරා මුම්බායි කණ්ඩායම වෙනුවෙන් හයේ පහරවල් 30 ක් එල්ල කරමින් එම වාර්තාවට ආසන්න වීමට ඉශාන් කිෂන් සමත් වුණත් එය බිඳ හෙලීමට ඔහු වාසනාවන්ත වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...