බැංගලෝර් කණ්ඩායමට ලකුණු 6ක තියුණු ජයක් – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති 6 වන තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද(14) සමත් වුණා.

ඔවුන් හමුවේ චෙන්නායිහි පැවැති තරගෙයෙන් පරාජයට පත් වූයේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 149ක් ලබා ගත්තා.

ග්ලේන් මැක්ස්වෙල් පන්දු 41කින් ලකුණු 59ක් රැස් කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමගින්.

නායක විරාට් කෝලි ලකුණු 33ක් සහ ශහ්බාස් අහ්මඩ් ලකුණු 14ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් කඩුලු 3ක් සහ රෂීඩ් ඛාන් කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 143ක් පමණයි.

නායක ඩේවිඩ් වෝනර් පන්දු 37කින් ලකුණු 54ක් ලබා ගත් අතර, මනීෂ් පාන්ඩේ ලකුණු 38යි.

ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 83ක සබදතාවයක් ගොඩ නැගුණා.

ජොනී බෙයාර්ස්ටව් ලකුණු 12ක් සහ රෂීඩ් ඛාන් ලකුණු 18(9)ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ශහ්බාස් අහ්මඩ් ලකුණු 7කට කඩුලු 3ක් බිද හෙලූ අතර, මොහොමඩ් සිරාජ් සහ හර්ෂාල් පටෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...