වැඩිම මිලට අලෙවි වූ මොරිස් රාජස්ථානයට නොසිතූ ජයක් ගෙන එයි – Match Report

Date:

අයි.පී.එල් ඉතිහාසයේ ඉහළම මිලකට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 43කට) ක්‍රීඩක වෙන්දේසියකදී අලෙවි වූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ පැවැති 7 වන තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් කණ්ඩායම අද(15) සමත් වුණා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ජය වාර්තා කළේ කඩුලු 3කින්.

තරගය ජය ගැනීම සදහා රාජස්ථාන් කණ්ඩායමට ලකුණු 148ක ඉලක්කයක් හිමිව තිබූ අතර, ඔවුන් එම ඉලක්කය හඹා ගියේ ඉනිම නිමා වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදීයි.

රාජස්ථාන් කණ්ඩායමේ මුල්පෙල පිතිකරුවන් සිව්දෙනාටම ලකුණු 10 සීමාව පසුකර යාමට දිල්ලි පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඔවුන්ගේ ඉනිමේ 5 වන කඩුල්ල දැවී ගියේ ලකුණු 42ක්ව තිබියදීයි.

අනතුරුව ඩේවිඩ් මිලර් සහ රාහුල් තෙවාටියා අතර 6 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 48ක සබදතාවයක් ගොඩ නැගුණා.

තෙවාටියා ලකුණු 19කට දැවී ගිය අතර, ඩේවිඩ් මිලර් පන්දු 43කින් ලකුණු 62ක් රැස් කලේ හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් සමගින්.

ඩේවිඩ් මිලර් ඉනිමේ 7 වන කඩුල්ල ලෙස දැවී යන විට රාජස්ථාන් කණ්ඩායමේ ලකුණු පුවරුව දැක් වුණේ පන්දුවාර 15.5ක් අවසානයේ ලකුණු 104ක් ලෙසයි.

එම අවස්ථාවේ දී තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු දිල්ලි කණ්ඩායම සතු වූ නමුත්, අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිසි ක්‍රිස් මොරිස් පන්දු 18කින් හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 36ක් ලබා ගනිමින් රාජස්ථාන් කණ්ඩායමට ජයග්‍රහනය තහවුරු කර දුන්නා.

පන්දු යැවීමේ දී අවේෂ් ඛාන් (Avesh Khan) කඩුලු 3ක් බිද හෙලූ අතර, ක්‍රිස් වෝක්ස් සහ කාගිසෝ රබාඩා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 147ක් රැස් කළේ නායක රිෂාබ් පාන්ට් පන්දු 32කින් වාර්තා කළ වේගවත් ලකුණු 51න් සවිමත් වෙමින්.

පන්දු යැවීමේ දී ජාදෙව් උනඩ්කට් ලකුණු 15කට කඩුලු 3ක් බිද හෙලමින් දිල්ලි ඉනිම අඩපන කළා.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ජාදෙව් උනඩ්කට්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...