රියාන් පරාග් IPL පිටියේ යොමු කළ අමුතු පන්දුව

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මේ වන විට තරග 4ක් පවත්වා අවසන්.

පසුගිය වසරේ පළමු තරග කිහිපයට සාපේක්ෂව මෙවර තරගාවලියේ පළමු තරග කිහිපය එතරම් තියුණු මුහුණුවරක් නොගත්ත ද තරගාවලිය සදහා ඇති ප්‍රේක්ෂක අවධානයෙහි කිසිදු වෙනසක්නම් සිදුව නැහැ.

තරග අතරතුර සිදුවන විවිධ සිදුවීම් සම්බන්ධයෙන් ද බොහෝ දෙනෙකුගේ අවධානය නිරතුරුවම යොමු වන බව දක්නට ලැබෙනවා.

බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් එවැනි සිදුවීමක් ඊයේ(12) පැවැති පංජාබ් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර තරගයේ දී දැක ගත හැකි වුණා.

ඒ, රාජස්ථාන් කණ්ඩායමේ රියාන්ග් පරාග් පන්දුවක් යොමු කළ ආකාරයක් පිළිබදවයි.

පංජාබ් ඉනිමේ 10 වැනි පන්දුවාරය යොමු කළ ඔහු විසින් සාමාන්‍ය ඉරියව්වෙන් බැහැර වී සිරස් ඉරියව්ව වෙනුවට තිරස් ඉරියව්වකින් පන්දුව යොමු කිරීම විශේෂත්වයක්.

ඔහු එම පන්දුවාරයේ දී ක්‍රිස් ගේල්ගේ කඩුල්ල ද දවා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...