බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියට මෙන්ඩිස් නැහැ

Date:

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට යොවුන් ක්‍රීඩක පැතුම් නිස්සංක නම් කර ඇති බව වාර්තා වනවා.

ඔහු ආබාධයකට ලක්ව සිටීම හේතුවෙනුයි මෙම තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම අවිනිශ්චිත වී තිබුණේ.

කෙසේ වෙතත්, මේ වන විට පැතුම් නිස්සංක සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ(12) දිනයේ දී රැස් වී තිබුණා.

එහිදී 22 හැවිරිදි නවක ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සදහා නම් කිරිමට තීරණය කර ඇති බව සදහන්.

ඔහු පළමු පෙල තරග 10කදී බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 40ක්.

මුල්පෙල පිතිකරු කුසල් මෙන්ඩිස් මෙම තරගාවලිය සදහා ද නම් කර නොමැති බවයි වාර්තා වන්නේ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 21 වනදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...