තීරණාත්මක දෙවැනි තරගය අද – දකුණු අප්‍රිකාව රෝස පැහැයට

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තීරණාත්මක දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද(4) පැවැත්වෙනවා.

ජොහැනර්ස්බර්ග්හී දී මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් අවසන් පන්දුවේ දී කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් වූ බැවින් තරග 3කින් යුත් එක්දින තරගාවලිය සම තත්ත්වයට ගෙන ඒමටනම් දකුණු අප්‍රිකාවට අද තරගයේ ජය අනිවාර්යය වනවා.

පළමු තරගය ජය ගැනීම සදහා පාකිස්තානය ලකුණු 274ක ඉලක්කයක් සාර්ථකව හඹා ගිය අතර, එය ආසියාවෙන් පිටත දී පාකිස්තාන කණ්ඩායමක් තරගයක් හඹා ගොස් ජය ගත් තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව සම කිරීමක් ද වුණා.

එමෙන්ම අවසන් පන්දුවේ දී පාකිස්තානය එක්දින තරගයක් ජය ගනු ලැබුවේ වසර 16කට පසුව වීම ද විශේෂත්වයක්.

අද තරගයේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම රෝස පැහැති ඇදුමකින් සැරසී තරග වැදීමට නියමිතයි.

ඒ, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය වෙනුවෙන් සහ ප්‍රතිකාර සඳහා මුදල් රැස් කිරීමේ අරමුණින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...