බංග්ලාදේශය හුදෙකලා කෙරේ – ශ්‍රී ලංකා තරගාවලියට වෙන දේ එරට ක්‍රිකට් ආයතනය පහදයි

Date:

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ලබන සදුදා සිට සතියක කාලයක් රට හුදෙකලා කිරීමට (lockdown) බංග්ලාදේශ රජය තීරණය කර ඇතත්, එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය නියමිත පරිදි සිදු කිරීම සදහා හැකි වනු ඇති බවට එරට ක්‍රිකට් ආයතනය විශ්වාසය පල කරනවා.

ඉදිරි දින කිහිපයේ දී රට තුළ පවතින තත්ත්වය සළකා බලා අදාළ බළධාරීන් සමග සාකච්ඡා කර තරගාවලිය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි Cricbuzz වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී Nizamuddin Chowdhury සදහන් කළේ.

“සංචාරය සඳහා අවශ්‍ය සියලු කටයුතු ක්‍රියාත්මක වන නමුත් මේ වන විට අපි රටේ පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා අවධානය යොමු කරලා තියෙන්නේ.” යනුවෙන් ඔහු කියා සිටියා.

“රජය විසින් රට හුදෙකලා කිරීම කරපු ගමන් මට මේ අවස්ථාවේ කියන්න බැහැ තරගාවලිය අවිනිශ්චිතයි කියලා.”

මෙම ටෙස්ට් තරගාවලිය පසුගිය වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, කොරෝනා වසංගතය හේතුවෙනුයි එය කල් දැමීමට සිදු වුණේ.

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා බංග්ලාදේශ කණ්ඩායම ලබන 12 වනදා දිවයිනට පැමිණීමට නියමිත අතර, පළමු ටෙස්ට් තරගය ලබන 21 වනදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...