එක්දින ශූරතාවය නාවික හමුදා ක්‍රීඩිකාවන්ට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ කාන්තා පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නාවික හමුදා ක්‍රීඩිකාවෝ ඊයේ (02) සමත්වුණා.

ශූරියන් තේරීම මෙම තරගාවලියේ දී සිදු වූයේ ලීග් ක්‍රමයට අනුවයි.

ඒ අනුව යුද හමුදා කණ්ඩායම පරාජයට පත් කරමින් තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ආරක්ෂා කරගත් නාවික හමුදා කණ්ඩායම 2021 වසරේ එක්දින ශූරියන් බවට පත් වුණා.

මෙවර තරගාවලියේ අනුශූරියන් වූයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වූ ගුවන් හමුදා කණ්ඩායමයි.

කණ්ඩායම් 8 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාවලියේ අවසන් දිනයේ දී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීම වෙනුවෙන් නාවික හමුදා කණ්ඩායම සහ යුද හමුදා කණ්ඩායම අතර තරගයේ ජයග්‍රහණය තීරණාත්මක වුණා.

ඒ අනුව යුද හමුදා කණ්ඩායම කඩුලු 2 කින් පරාජයට පත් කළ නාවික හමුදා ක්‍රීඩිකාවන් විසින් එම තීරණාත්මක තරගයේ ජය වාර්තා කරමින් අපරාජිතව ශූරතාවයට හිමිකම් කියනු ලැබුවා.

යුද හමුදා ‘ඒ’ කණ්ඩායම – 138/9 (50)

මදුෂිකා මෙත්තානන්ද 37, සුගන්ධිකා කුමාරි 30,  ඉනෝකා රණවීර 27/4, ශෂිකලා සිරිවර්ධන 26/2, සත්‍යා සංදීපන් 26/2

නාවික හමුදා කණ්ඩායම 139/8 (48.2)

ශෂිකලා සිරිවර්ධන 43*,  උදේශිකා ප්‍රබෝධනී 20*, නිලක්ෂි සිල්වා 20/3, ගනේෂා චමරි 17/2, සුගන්ධිකා කුමාරි 27/2

( මූලාශ්‍රය – ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) )

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...