කාන්තා එක්දින තරගවල තරග කොන්දේසි දෙකක් ICCය සංශෝදනය කරයි

Date:

කාන්තා එක්දින ක්‍රිකට් තරගවලට අදාළ තරග කොන්දේසි දෙකක් සංශෝදනය කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලකුණු සම වන ඕනෑම එක්දින තරගයක ජයග්‍රාහී කණ්ඩායම තීරණය කිරීම සදහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම පිතිකරණ කණ්ඩායම විසින් ගනු ලැබූ පන්දුවාර 5ක පිතිකරණ පවර් ප්ලේ (batting powerplay) අවස්ථාව ද අවලංගු කිරීමට අයි.සී.සීය තීරණය කර තිබෙනවා.

මේ අතර, සියලුම පූර්ණ සාමාජික කාන්තා කණ්ඩායම් සඳහා ටෙස්ට් හා එක්දින තත්ත්වය ස්ථිරවම පිරිනැමීමට ද තීරණය කළ බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

බර්මිංහැම්හී දී පැවැත්වීමට නියමිත 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා තරග ඉසව්ව ජාත්‍යන්තර කාන්තා 20යි 20 තරග ලෙස සැලකීමට ද අයි.සී.සීය තීරණය කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...