ටෙස්ට් තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන්

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණඩායම අතර පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය පරාජයෙන් තොරව මෙරට වේලාවෙන් අද(3) අලුයම නිමාවට පත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ද ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමගයි.

ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගය ද පසුගියදා නිමා වුණේ ජය පරාජයෙන් තොරවයි.

දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 377ක ඉලක්කයක් හිමිව තිබූ අතර, තරගයේ අවසන් දිනය මෙරට වේලාවෙන් අද අලුයම නිමාවට පත් වුණේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම කඩුලු 2කට ලකුණු 193ක් ලෙස සටහන්ව තිබියදීයි.

වර්ෂාව හේතුවෙන් අවසන් දිනයට තරගය ආරම්භ වූයේ ද පැයක පමණ ප්‍රමාදයකින් පසුව වන අතර, තරගය ආරම්භ වීමෙන් පසුව ද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ශක්තිමත් කළ නායක දිමුත් කරුණාරත්න ලකුණු 75ක් රැස් කළ අතර, ළහිරු තිරිමාන්න ලකුණු 39යි.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 101ක්.

සිය තෙවැනි අර්ධ ශතකය වාර්තා කළ ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 66යි.

පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් සහ ක්යිල් මේයර්ස් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

ඇන්ටිගාහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩාමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව්වන් සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 354ක්.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 258ක් පමණයි.

කොදෙව්වන් සිය දෙවන ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 4ක් දැවී ලකුණු 280ක් ලබා සිටියදීයි.

තරගයේ වීරයා ලෙස ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, තරගාවලියේ වීරයා සුරංග ලක්මාල්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...