පාකිස්තානයට අවසන් පන්දුවෙන් තියුණු ජයක් – Match Report

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් අවසන් පන්දුවේ දී කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම අද(2) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 274ක ඉලක්කයක් පාකිස්තානයට හිමි වූ අතර, එම ලකුණු සංඛ්‍යාව හඹා යාමේ දී නායක බබාර් අසාම් විශිෂ්ඨ ශතකයක් වාර්තා කරමින් පාකිස්තානයට ජයග්‍රාහී මාවත විවර කර දීමට සමත් වුණා.

ඔහු ලකුණු 103ක් රැස් කළ අතර, ඉමාම් උල් හක් ලකුණු 70කට දැවී ගියා.

ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු සබදතාවය ලකුණු 177ක්.

අනතුරුව මැද පෙල යම් කඩා වැටීමක් සිදු වුවද මොහොමඩ් රිස්වාන් ලකුණු 40ක් සහ ශඩාබ් ඛාන් ලකුණු 33ක් ලබා ගනිමින් පාකිස්තානය ජයග්‍රහනය ආසන්නයටම රැගෙන යාමට සමත් වුණා.

ඉනිමේ අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම සදහා පාකිස්තානයට ලකුණු 3ක් පමණක් අවශ්‍ය වූ නමුත්, ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ යොමු කළ අදාළ පන්දුවාරයේ දී පළමු පන්දු 4 තුළ දී ම ලකුණක් ලබා ගැනීමට පාකිස්තානයට හැකි වූයේ නැහැ.

එම පන්දුවාරයේ පළමු පන්දුවේ දී ශබාඩ් ඛාන් දැවී යාම ඊට ප්‍රබල ලෙස බලපානු ලැබුවා.

ඉනිමේ අවසන් පන්දුවට තරගය ජය ගැනීම සදහා පාකිස්තානයට එක් ලකුණක් අවශ්‍යව තිබූ අතර, ෆහීම් අශ්රෆ් විසින් එය සපුරා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී අන්රිච් නොකියා ලකුණු 51කට කඩුලු 4ක් දවා ගත්තා.

සෙන්චූරියන්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 6ක් දැවී ලකුණු 273ක් ලබා ගත්තේ රසී වැන් ඩර් ඩුසේන් ලබා ගත් ලකුණු 123න් සවිමත් වෙමින්.

ඩේවිඩ් මිලර් ලකුණු 50ක් ලබා ගත් අතර, ලකුණු 55ට කඩුලු 4ක් දැවී ගොස් තිබූ අවස්ථාවක ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු සබදතාවය ලකුණු 116ක්.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 61කට කඩුලු 2ක් සහ හැරිස් රවුෆ් ලකුණු 72කට කඩුුලු 2ක් බිද හෙලුවා.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ බබාර් අසාම්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...