“2023 ලෝක කුසලානය පැරදුනොත් 2027 ලෝක කුසලානය දක්වා ක්‍රීඩා කරනවා” : ශකිබ්

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට තම රටට නොහැකි වුවහොත් තමන් 2027 ලෝක කුසලානය තෙක් ක්‍රීඩා කරන බව බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් පවසනවා.

2019 ලෝක කුසලාන තරගාවලියේ දී ඉතා සාර්ථක ක්‍රීඩකයෙකු බවට පත් වූ ඔහු ලකුණු 606ක් රැස් කළ අතර, කඩුලු 11 ක් ද දවා ගත්තා.

කෙසේ වෙතත්, බංග්ලාදේශ කණ්ඩායමට එම ලෝක කුසලාන තරගාවලියේ දී හිමි වූයේ 8 වැනි ස්ථානයයි.

සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශකිබ් අල් හසාන් සදහන් කළේ තමාගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය 2023 ලෝක කුසලානය වනු ඇති බවයි.

කෙසේ වෙතත්, එම තරගාවලිය ජය ගැනීමට බංග්ලාදේශයට නොහැකි වුවහොත් තමා 2027 ලෝක කුසලානය දක්වා ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරන බව ඔහු කියා සිටියා.

“2023 ලෝක කුසලානය තමයි මගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය. ඒත් බංග්ලාදේශය ඒ තරගාවලිය ජය ගත්තේ නැති වුණොත් මම 2027 වෙනකම් ක්‍රීඩා කරනවා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් කිසිම සැලසුමක් තාම මට නැහැ. මම ක්‍රීඩාවේ නිරත වීමට තවදුරටත් ප්‍රියකරන්නේ නැහැ කියලා මට දැණුනම මම විශ්‍රාම ගන්නවා ” යනුවෙන් ශකිබ් අල් හසාන් සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...