මුම්බායි හි 8කට, චෙන්නායි සාමාජිකයෙකුට සහ දිල්ලි ක්‍රීඩකයෙකුට කොරෝනා

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී ක්‍රීඩකයෙකුට සහ කණ්ඩායමකට සම්බන්ධ සාමාජිකයෙකුට කොරෝනා වෛරසය (කොවිඩ් 19) ආසාදනය වී ඇති බවට අණාවරණය වීමත් සමග අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අක්සාර් පටෙල්ට සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව සදහන්.

අක්සාර් පටෙල් දිල්ලි කණ්ඩායමේ සෙසු සාමාජිකයින් සමග එක් වීමට පෙර සිදු කළ වෛද්‍ය පරීක්ෂණයේ දී ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බවට හදුනා ගෙන තිබුණා.

කෙසේ වෙතත්, කණ්ඩායමට සම්බන්ධ වීමෙන් පසුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකදී හදුනා ගෙන ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

ඒ අනුව අක්සාර් පටෙල් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නිවේදනය කළේ.

කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට අණාවරණය වී ඇති චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයා ද මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අතර, ඔහු කණ්ඩායමේ ක්‍රීඩකයින් සමග හෝ සහාය කාර්යය මණ්ඩලය සමග සම්බන්ධතාවයක් දක්වා නොමැති බව සදහන්.

මේ අතර, මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගනයේ සේවකයින් 8 දෙනෙකුට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට අණාවරණය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...