අවාසනාවන්ත ලෙස 99ට දැවී යමින් ස්ටොක්ස්ගෙන් ලෝක වාර්තාවක්

Date:

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් අද(26) ඉන්දියාවට එරෙහි දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී සුපිරි පිතිහරඹයක නිරත වීමට සමත් වුණා.

කෙසේ වෙතත්, ඔහුට සිය සිව්වන එක්දින ශතකය අවාසනාවන්ත ලෙස එක් ලකුණකින් අහිමි වී ගියේ බුවනේෂ්වර් කුමාර් යොමු කළ සුපිරි කෙටි පන්දුවක් හමුවේ දැවී යාම හේතුවෙන්.

ස්ටොක්ස් පන්දු 52කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 99ක්.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 10ක් සහ හතරේ පහර 4ක් ඇතුළත්.

බෙන් ස්ටොක්ස්ගේ ඉනිම වාර්තා අතරට එක් වුණේ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අවම පන්දු ගණනකින් ලකුණු 99ක් රැස් කර දැවී ගිය පිතිකරු ලෙසයි.

ස්ටොක්ස් සහ ජොනී බෙයාර්ස්ටව් අතර දෙවැනි කඩුල්ල සදහා පන්දු 117කින් වේගවත් ලකුණු 175ක සබදතාවයක් ද ගොඩ නැගුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 336ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...