ස්ටොක්ස් – බෙයාර්ස්ටව් සුපිරි ඉනිම් හමුවේ ඉන්දියාවට දරුණු පරාජයක්

Date:

මුල් පෙළ පිතිකරුවන්ගේ වේගවත් පිතිහරඹයෙන් සවිමත් වෙමින් ඉන්දියාවට එරෙහිව විශිෂ්ඨ හඹා යාමක් සනිටුහන් කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද(26) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා එංගලන්තයට ලකුණු 337ක දැවැන්ත ඉලක්කයක් හිමි වූ නමුත්, ඔවුන් එම ඉලක්කය පන්දුවාර 43.3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී පසු කර යාමට සමත්වීම විශේෂත්වයක්.

ඉනිමට ශක්තිමත් ආරම්භයක් ලබා දුන් ජේසන් රෝයි සහ ජොනී බෙයාර්ස්ටව් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 110ක සබදතාවයක් ගොඩ නැගූ අතර, ජේසන් රෝයි ලකුණු 55කට දුවද්දී දැවී ගියා.

අනතුරුව ජොනී බෙයාර්ස්ටව් සහ බෙන් ස්ටොක්ස් අතර දෙවැනි කඩුල්ල සදහා පන්දු 117කින් වේගවත් ලකුණු 175ක සබදතාවයක් ගොඩ නැගුණා.

ස්ටොක්ස් දැවැන්ත හයේ පහර 10ක් සහ හතරේ පහර 4ක් සමගින් පන්දු 52කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 99ක්.

සිය 11 වන එක්දින ශතකය වාර්තා කළ ජොනී බෙයාර්ස්ටව් පන්දු 112කින් ලකුණු 124ක් රැස් කළා.

එම ඉනිමට හයේ පහර 7ක් සහ හතරේ පහර 11ක් ඇතුළත්.

ජොස් බට්ලර් ලකුණු නොලබා දැවී යාමත් සමග ඉන්දීය කණ්ඩායම යළි තරගයට අවතීර්ණ වීමට උත්සාහ දැරුවද ඩේවිඩ් මලාන් නොදැවී ලකුණු 16ක් සහ ලියම් ලිවින්ග්ස්ටෝන් නොදැවී ලකුණු 27ක් ලබා ගනිමින් එංගලන්ත කණ්ඩායමට කඩුලු 6ක ජයක් තහවුරු කර දුන්නා.

පන්දු යැවීමේ දී ප්‍රසිද් ක්‍රිෂ්නා කඩුලු 2ක් සහ බුවනේෂ්වර් කුමාර් එක් කඩුල්ලක් දවා ගත්තා.

පූනේ හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 6ක් දැවී ලකුණු 336ක් ලබා ගත්තේ කේ.එල් රාහුල් ලබා ගත් ලකුණු 108න් සවිමත් වෙමින්.

රිෂාබ් පාන්ට් පන්දු 40කින් ලකුණු 77ක් රැස් කළ අතර, විරාට් කෝලි ලකුණු 66කට දැවී ගියා.

පන්දු යැවීමේ දී රීස් ටොප්ලි සහ ටොම් කරන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...