“පුහුණුවීම්වලට පැතුම්ට සපත්තුවක් හරියට තිබ්බෙත් නෑ” පැතුම්ගේ දෙමව්පියන්ගෙන් සංවේදී ප්‍රකාශයක්

Date:

මේ දිනවල මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි ලොව බොහෝ පිරිසකගේ අවධානය දිනා ගත් ක්‍රීඩකයෙකු බවට නවක ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිස්සංක පත්ව තිබෙනවා.

ඒ, කොදෙව්වන්ට එරෙහිව නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔහු වාර්තා කළ සුපිරි ශතකය හේතුවෙන්.

තවමත් 22 වන වියේ පසුවන ඔහු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතා වැදගත් ක්‍රීඩකයෙකු වන බවටනම් සැක නැහැ.

කෙසේ වෙතත්, මේ යොවුන් ක්‍රීඩකයා ආර්ථික ගැටලු රැසක් මධ්‍යයේ සිය ක්‍රීඩා ගමන මෙතෙක් ගමන් කර ඇති බව ඔහුගේ දෙමව්පියන් හෙළි කළා.

ඒ, ක්‍රීඩා මාධ්‍යවේදී ධනුෂ්ක අරවින්ද මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවකදීයි.

එහිදී පැතුම් නිස්සංකගේ මව සදහන් කළේ පැතුම්ට පුහුණුවීම් සදහා නිසි පාවහන් යුගලක් හෝ නොතිබූ බවයි.

ආර්ථික ගැටලු හේතුවෙන් ඇතැම්විට ආහාරවේලක් ගැනීමට ද නොහැකි වූ අවස්ථා ද තිබූ බව පැතුම් නිස්සංකගේ පියා මෙහිදී කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...