චමින්ද වාස් ඉල්ලා අස්වීම ඉවත් කර ගත් බව ක්‍රිකට් ආයතනය තහවුරු කරයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට්හි වේග පන්දු උපදේශක ලෙස තවදුරටත් කටයුතු කිරීමට චමින්ද වාස් මහතා තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(26) නිල වශයෙන් නිවේදනය කළා.

ඒ අනුව ඔහු අදාළ ධූරයෙන් ඉල්ලා අස් වන බව පවසමින් මීට සති කිහිපයකට පෙර යොමු කළ ලිපිය ද යළි ඉවත් කර ගෙන ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ක්‍රිකට් කළමණාකාරීත්වය සහ චමින්ද වාස් මහතා අතර පැවැති සාකච්ඡාවලින් පසුව දෙපාර්ශවය අතර පැවැති ගැටලුකාරී තත්ත්වය සමථයකට පත් කර ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා ශ්‍රී ලංකාව පිටත්ව යාමට පැය කිහිපයකට පෙරයි චමින්ද වාස් සිය ධූරයන්ගෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබුණේ.

ඒ, මූල්‍ය ගැටලුවක් පදනම් කර ගනිමින්.

චමින්ද වාස් කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස ද කටයුතු කිරීමට නියමිතව සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...