කොන්වේ, මිචෙල් හා නීෂම්ගේ සුපිරි දක්ෂතා හමුවේ නවසීලන්තයට පූර්ණ තරගාවලි ජයක්

Date:

ඩෙවෝන් කොන්වේ සහ ඩැරල් මිචෙල් වාර්තා කළ විශිෂ්ඨ ශතක හේතුවෙන් බංග්ලාදේශය සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩයම අද(26) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයෙන් ඔවුන් ලකුණු 164ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

වෙලින්ටන්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 318ක් ලබා ගත්තා.

ඩෙවෝන් කොන්වේ පන්දු 110කින් ලකුණු 126ක් රැස් කළේ හතරේ පහර 17ක් සමගින්.

ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 100ක් ලබා ගත්තා.

පන්දු 92කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් ඇතුළත්

පන්දු යැවීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් රුබෙල් හුසේන් ලකුණු 70කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 42.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154ක් පමණයි.

මහ්මුදුල්ලාහ් නොදැවී ලකුණු 76ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී ජේම්ස් නීෂම් ලකුණු 27කට කඩුලු 5ක් බිද හෙලුවා.

මැට් හෙන්රි ලකුණු 27කට කඩුලු 4ක් බිද හෙලීමට ද සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...