ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණටම ගෙන එන බවට මූඩිගෙන් ප්‍රකාශයක්

Date:

තම වසර 3ක ධූර කාලය තුළ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ඉහළටම රැගෙන යෑම සිය අරමුණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි පවසනවා.

සිය ඉදිරි සැලසුම් පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ යම් කිසි සමාලෝචනයක් සිදු කළ යුතුයි.” යනුවෙන් ටොම් මූඩි සදහන් කළා. “ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස ජාත්‍යන්තරයේ මා ලබා සිටින විවිධ අත්දැකීම් සමඟ ඉදිරියට යෑමට බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට යම් කාලයක් ගතවෙයි. නමුත් ක්‍රිකට් කමිටුවේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් මම හොඳ සූදානමකින් සිටිනවා”

“මෙම සමස්ථ ක්‍රියාවලිය ඔස්සේ අපිට නිවැරදි ව්‍යුහය ලබා ගැනීමට හැකියාවක් තියෙනවා නම් අප සිටිය යුතු තැනට අප නැවත පැමිණේවි”

මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටු ප්‍රධානී අරවින්ද ද සිල්වා මහතා සදහන් කළේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස ටොම් මූඩි පත් කිරීමත් සමඟ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව යළිත් කීර්තිමත් කාලයක් කරා පැමිණෙනු ඇති බව තමා විශ්වාස කරන බවයි.

ALSO READ : වසර 3කින් පසු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු වන වෙනස අරවින්ද පහදයි

(මූලාශ්‍රය – ශ්‍රී ලංකා ක්‍රිකට්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...