පාකිස්තාන ක්‍රීඩකයින් 35 දෙනාටම කොරෝනා නැහැ

Date:

දකුණු අප්‍රිකා තරග සංචාරය සදහා එක්වීමට නියමිත පාකිස්තාන සංචිතයේ ක්‍රීඩකයින් 35 දෙනාම කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මුහුණ දුන් වෛද්‍ය පරික්ෂණයෙන් සමත් වී තිබෙනවා.

ඒ අනුව හෙට(26) දිනයේ දී ඔවුන් දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිත බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මීට සතියකට පෙර පාකිස්තාන සංචිතයේ ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වී තිබුණා.

අනතුරුව ඔහු හැරුණු විට සෙසු ක්‍රීඩකයින් පසුගිය 19 වනදා සිට ලාහා්ර්හී දී පුහුණු කදවුරකට සහභාගී වූ අතර, පුහුණු තරග දෙකක් සදහා ද ඔවුන් සහභාගී වුණා.

වෛරසය ආසාදනය වූ ක්‍රීඩකයා වෛද්‍ය පරීක්ෂණ දෙකකින් සමත් වීම හේතුවෙන් ඔහුට ද යළි සංචිතය හා එක්වීමට මේ වන විට අවසර හිමිව තිබෙනවා.

පාකිස්තාන කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 4ක් පැවැත්වීමට නියමිත අතර, පළමු එක්දින තරගය ලබන 2 වනදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...