වසර 3කින් පසු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු වන වෙනස අරවින්ද පහදයි

Date:

වසර තුනකට පසුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පුහුණුකාරධූර ඇතුළු නිළධාරීන් පත් කිරීමේ දී එම තනතුරු සදහා ශ්‍රී ලාංකිකයින් පත් කර ගත හැකි වන පරිදි වැඩපිළිවෙලක් සකස් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩිට පැවරී ඇති ප්‍රධාන වගකීමක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසනවා.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියා.

එම වගකීම ටොම් මූඩි සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළඹුණු ගිවිසුමට ද ඇතුළත් කර ඇති බවයි සභාපතිවරයා සදහන් කළේ.

දේශීය ක්‍රිකට් ව්‍යුහය සකස් කිරීම මෙන්ම ක්‍රීඩකයින්ගේ කොන්ත්‍රාත් ගිවිසුම් සකස් කිරීමේ කටයුතු ද ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුව විසින් මෙම දිනවලදී සිදු කරමින් පවතින බව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අරවින්ද ද සිල්වා මහතා පවසා සිටියා.

මාධ්‍ය හමුවේ දර්ශන නැරඹීම සදහා මෙතන ක්ලික් කරන්න

මෙම මාධ්‍ය හමුව සදහා ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි, තාක්ෂණික උපදේශක කමිටු සාමාජික මුත්තයියා මුරලිදරන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බළධාරීන් ද එක්ව සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...