මෝර්ගන්ට ඉතිරි එක්දින තරග 2 අහිමි වෙයි

Date:

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත අවසන් එක්දින ක්‍රිකට් තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව එංගලන්ත නායක ඔයින් මෝර්ගන්ට අහිමි වී තිබෙනවා.

පළමු එක්දින තරගයේ දී ඔහු මුහුණ දුන් ආබාධය හේතුවෙනුයි මෙලෙස ඉතිරි තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වී ඇත්තේ.

ඒ අනුව ඉතිරි එක්දින තරග දෙකේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ජොස් බට්ලර්ට පැවරී ඇති බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

මේ අතර, ආබාධයකට ලක් වූ සෑම් බිලින්ග්ස්ට ද දෙවැනි එක්දින තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව සදහන්.

ඔහුට තෙවැනි එක්දින තරගය සදහා සහභාගී විය හැකි දැයි ඉදිරියේ දී තීරණය කෙරෙනු ඇති.

ඒ අනුව හෙට(26) පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී ලියම් ලිවින්ග්ස්ටෝන් එංගලන්තය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් හිමි කර ගැනීමට නියමිතයි.

මේ අතර, අමතර ක්‍රීඩකයෙකු ලෙස සංචිතය සමග රැදී සිටින ඩේවිඩ් මලාන් ප්‍රධාන සංචිතයට කැදවීමට ද එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...