පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශයට දරුණු පරාජයක්

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද(20) සමත් වුණා.

ඩුනේඩින්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශයට පන්දුවාර 41.5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 131ක් පමණයි.

මහ්මුදුල්ලාහ් ලකුණු 27ක් සහ මුෂ්ෆිකර් රහීම් ලකුණු 23ක් රැස් කළ අතර, සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසු කර යාමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 4ක් බිද හෙලූ අතර, ජේම්ස් නීෂම් සහ මිචෙල් සැන්ට්නර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 21.2ක් අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ හෙන්රි නිකල්ස් නොදැවී ලබා ගත් ලකුණු 49න් සහ මාර්ටින් ගප්ටිල් රැස් කළ ලකුණු 38න් සවිමත් වෙමින්.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 23 වනදා ක්‍රයිස්චර්ච්හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...