20යි 20 ශූරතාවය එස්.එස්.සී කණ්ඩායමට

Date:

අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට එස්.එස්.සී ක්‍රීඩා සමාජය අද(20) සමත් වුණා.

ඒ, යුද හමුදා ක්‍රීඩා සමාජය සමග පැවැති අවසන් මහා තරගයෙන් එස්.එස්.සී කණ්ඩායම ලකුණු 29ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එස්.සී.සී කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 146ක් ලබා ගත්තා.

ක්‍රිෂාන් සන්ජුල නොදැවී ලකුණු 71ක් රැස් කළ අතර, නිපුන් ධනංජය සහ නුවනිදු ප්‍රනාන්දු ලකුණු 27 බැගින් රැස් කළා.

අවිශ්ක ප්‍රනාන්දු එක් ලකුණකටත්, නායක චරිත් අසලංක ලකුණු 10කටත්, ශම්මු අශාන් ලකුණු දෙකකටත් දැවී ගියා.

හෙෂාන් හෙට්ටිආරච්චි කඩුලු 2ක් බිද හෙලූ අතර, ජනිත් සිල්වා, සීක්කුගේ ප්‍රසන්න සහ අසේල ගුණරත්න එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ යුද හමුදා කණ්ඩායමට පන්දුවාර 19.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 117ක් පමණයි.

අශාන් රන්දික ලකුණු 44ක් සහ හිමාෂ ලියනගේ ලකුණු 32ක් ලබා ගත් නමුත්, සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී හිමේෂ් රාමනායක කඩුලු 3ක් බිද හෙලුවා.

කලන පෙරේරා සහ තරිදු රත්නායක කඩුලු 2 බැගින් බිද හෙලීමට සමත් වුණා.

මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණේ ඉනිම් 7කදී ලකුණු 258ක් රැස් කළ කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජයේ ගයාන් මනීෂාන්.

ඉනිම් 7කදී කඩුලු 16ක් දවා ගත් රාගම ක්‍රිකට් සමාජයේ ඉෂාන් ජයරත්න වැඩිම කඩුලු ලාභියා බවට පත් වුණා.

කොළඹ ක්‍රිකට් සමාජයේ මාලින්ද පුෂ්පකුමාර ද බිද හෙලූ කඩුලු ගණන 16ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...