20යි 20 තරගාවලියේ ජය ඇෆ්ඝනිස්තානයට

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර ඊයේ(19) පැවැති දෙවැනි 20යි 20 තරගයෙන් ඇෆ්ඝනිස්තානය ලකුණු 45ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

අබුඩාබිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය කඩුලු 5ක් දැවී ලකුණු 193ක් ලබා ගත්තා.

Karim Janat ලකුණු 53ක්, උස්මාන් ඝානි ලකුණු 49ක් සහ මොහොමඩ් නබී ලකුණු 40ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී Blessing Muzarabani ලකුණු 44කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 17.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 148ක් පමණයි.

Ryan Burl ලකුණු 40ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් ලකුණු 30කට කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...