ඩිල්ෂාන්ගෙන් සුපිරි තුන් ඉරියව් දක්ෂතාවයක් – ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 1ට

Date:

තිලකරත්න ඩිල්ෂාන් තුන් ඉරියව්වෙන් දැක් වූ සුපිරි දක්ෂතා හේතුවෙන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අභිබවා Road Safety World Series තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගනිමින් මූලික වටයේ තමන්ට හිමි තරග අවසන් කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අද(14) සමත් වුණා.

ඒ, එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග අද පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 6ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඒ අනුව ශ්‍රී ලංකාව Road Safety World Series තරගාවලිය යටතේ මෙම වසරේ දී ක්‍රීඩා කළ සියලු තරග ජය ගැනීමට සමත් වුණා.

ඔවුන් Road Safety World Series තරගාවලිය යටතේ ක්‍රීඩා කළ සම්පූර්ණ තරග සංඛ්‍යාව 6ක් වන අතර, ඉන් තරග 5ක් ශ්‍රී ලංකාව ජය ගත්තා.

අද පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 78ක් ලබා ගත්තා.

Chris Tremlett  ලකුණු 22ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී අගනා පන්දු යැවීමක නිරත වූ තිලකරත්න ඩිල්ෂාන් සිය පන්දුවාර 4 නිමා කළේ ලකුණු 6ක් පමණක් ලබා දී කඩුලු 4ක් දවා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටනම් පන්දුවාර 7.4ක් තුළ අදාළ ලකුණු සංඛ්‍යාව හඹා යාමට සිදු වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 7.3ක් තුළ කඩුලු 4ක් දැවී එම ලකුණු සංඛ්‍යාව හඹා යමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තමන් සතු කර ගත්තා.

සුපිරි පිතිහරඹයක නිරත වූ ඩිල්ෂාන් පන්දු 26කින් නොදැවී ලකුණු 61ක් ලබා ගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 11ක් සමගින්.

ඒ අනුව ශ්‍රී ලංකාව, ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය හිමි කර ගන්නා කණ්ඩායම සමගින් අවසන් පූර්ව වටයේ දී තරග වැදීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...