ඩිල්ෂාන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ පීටර්සන් ඇතුළු මුල්පෙල පිතිකරුවන් දැවීගියේ මෙහෙමයි

Date:

Road Safety World Series තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගයේ දී පන්දු යැවීමෙන් විශිෂ්ඨ දක්ෂතාවයක් දැක්වීමට ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් සමත් වුණා.

ඔහු සිය පන්දුවාර 4 යවා නිම කළේ ලකුණු 6ක් පමණක් ලබා දී කඩුලු 4ක් දවා ගනිමින්.

ඒ අනුව මෙවර තරගාවලියේ වැඩිම කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ තවදුරටත් පෙරමුණ ගැනීමට ද ඩිල්ෂාන් සමත්ව ඇත්තේ කඩුලු 12ක් දවා ගනිමින්.

එංගලන්තයට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අවස්ථාවක් හිමි වූයේ නැහැ.

ඉනිමේ පළමු පන්දුවෙන්ම පිල් මස්ටර්ඩ් යළි ක්‍රිඩාගාරය වෙත හරවා යැවීමට තිලකරත්න ඩිල්ෂාන් සමත් වුණා.

පසුව ඩිල්ෂාන් යොමු කළ දෙවන පන්දුවාරයේ දෙවන පන්දුවේදී උස්මාන් අෆ්සාල් දැවීගියා.

එම පන්දුවාරයේ පස්වන පන්දුවේදී සුපිරි පිතිකරු කෙවින් පීටර්සන්ව එක් ලකුණකට දවා ගැනීමට ඩිල්ෂාන් සමත් වීම කැපී පෙනෙන සිදුවීමක්.

ඒ අනුව මුළු ලකුණු සංඛ්‍යාව 3 ක්ව තිබිය දී එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමේ මුල් පිතිකරුවන් තිදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට තිලකරත්න ඩිල්ෂාන් සමත් වුණා.

පසුව ඔවයිස් ශාහ් ලකුණු 6කට දවා ගැනීමට ද ඩිලෂාන් සමත් වුණේ එංගලන්ත ලෙජන්ඩ්ස් ඉනිම සම්පූර්ණයෙන්ම අඩපන කරමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...