ඉෂාන් – කෝලිගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ ඉන්දියාවට කඩුලු 7ක ජයක්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ඉන්දියාව අද(14) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි තරගයෙන් ඉන්දියාව කඩුලු 7ක ජයක් වාර්තා කරමින්.

අහ්මදාබාද්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6ක් දැවී ලකුණු 164ක් ලබා ගනිමින්.

ජේසන් රෝයි ලකුණු 46ක් සහ ඔයින් මෝර්ගන් ලකුණු 28ක් රැස් කළ අතර, බෙන් ස්ටොක්ස් සහ ඩේවිඩ් මලාන් ලකුණු 24 බැගින් රැස් කළා.

පනදු යැවීමේ දී වොෂින්ටන් සුන්දර් සහ ෂර්දුල් තාකූර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 17.5ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සිය මංගල 20යි 20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ ඉෂාන් කිෂාන් ලකුණු 56කට දැවී ගියා.

නායක විරාට් කෝලි නොදැවී ලකුණු 73ක් ලබා ගනිමින් ඉන්දියාවට ජය තහවුරු කර දුන්නා.

පන්දු 49කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...