යුවරාජ් සිං දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් පන්දු යවන්නන් අසරණ කරවූ සුපිරි ඉනිම මෙන්න

Date:

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං යනු 20යි 20 පිටියේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු බව අමුතුවෙන් ප්‍රකාශ කළ යුතු නොවේ.

ඔහුගේ සුපිරි පිතිහරඹ රටාවට පෙම් කරන ඉන්දීය මෙන්ම ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ සංඛ්‍යාව අපමණයි.

ඒ හේතුවෙන්ම බොහෝ ක්‍රීඩාලෝලීන් පිරිසක් මේ දිනවල ඉන්දියාවේ රායිපූර්හි පැවැත්වෙන Road Safety World Series තරගාවලිය දෙස අවධානයෙන් පසුවන්නේ ඔහුගේ සුපිරි පිතිහරඹය ද එම තරගාවලියේ දී යළි දැක ගැනීමේ අරමුණින්.

එම සියලු ප්‍රේක්ෂකයින්ට සාධාරණයක් ඉටු කළ යුවරාජ් ඊයේ(13) දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහි තරගයේ දී තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්ෂතාවයක් දැක්වීමට සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 204ක් රැස් කළා.

එහිදී සුපිරි පිතිහරඹයක් ප්‍රදර්ශනය කළ යුවරාජ් සිං පන්දු 22කට පමණක් මුහුණ දෙමින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 52ක්.

ඊට හයේ පහර 6ක් සහ හතරේ පහර 2ක් ඇතුළත්.

ඔහු එක් අවස්ථාවක පිට පිට පන්දු 4කදී හයේ පහර 4ක් එල්ල කිරීම ද කැපී පෙනෙන සිදුවීමක්.

සචින් ටෙන්ඩුල්කාර් පන්දු 37කින් ලකුණු 60ක් ද ලබා ගත්තා.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට කඩුලු 7ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 148ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...