කොදෙව්වන් සුපර් ලීගයේ 6 වැනි තැනට – ශ්‍රී ලංකාවට තවමත් ප්‍රසාද ලකුණු නැහැ

Date:

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම් තෝරා ගනු ලබන අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙක ජය ගැනීමත් සමගයි.

සුපර් ලීගය යටතේ තරග 5ක් ක්‍රීඩා කර ඇති කොදෙව්වන් මේ වන විට තරග දෙකක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 20කට හිමිකම් කියනවා.

තරග දෙකකට පමණක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව තවමත් කිසිදු ප්‍රසාද ලකුණකට හිමිකම් කියන්නේ නැහැ.

ඔස්ට්‍රේලියාව මේ වන විට මෙහි පෙරමුණේ පසුවන්නේ තරග 6කට ක්‍රීඩා කර තරග 4ක් ජය ගනිමින්.

දෙවැනි ස්ථානය බංග්ලාදේශයටත්, තෙවැනි ස්ථානය එංගලන්තයටත් හිමිව ඇති අතර, ඉන්දියාව 9 වන ස්ථානයේ රැදී සිටිනවා. (ප්‍රසාද ලකුණු සටහන පහතින්)

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම් සුදුසුකම් ලබා ගනු ලබන්නේ මෙම ලීග් ක්‍රමවේදය තුළින් වන අතර, එහි පළමු ස්ථාන 7 හිමි කර ගන්නා කණ්ඩායම් 2023 ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමි ඉන්දියාව සමග ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුවම සුදුසුකම් ලබා ගනු ඇති.

පළමු වරට හදුන්වා දුන් මෙම සුපර් ලීගය සදහා කණ්ඩායම් 13ක් එක්වනවා.

ඒ, ටෙස්ට් වරම් හිමි රටවල් 12 සහ නෙදර්ලන්තයයි.

ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය තුළ දී සෑම කණ්ඩායමක්ම තම රටේ දී සහ ප්‍රතිවාදී රටේ දී තරග 3කින් යුත් එක්දින තරගාවලි 4 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

2023 ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් 10ක් එක් වීමට නියමිත අතර, ඒ අනුව සුපර් ලීගයේ අවසන් ස්ථාන 5 හිමි කර ගන්නා කණ්ඩායම් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන අවසන් කණ්ඩායම් දෙක වෙනුවෙන් යළි තරග වැදීමට නියමිතයි.

ඒ සදහා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියක් සංවිධාන කෙරෙන අතර, ඊට ටෙස්ට් වරම් හිමි වී නොමැති කණ්ඩායම් කිහිපයක් ද වෙනත් සුදුසුකම් ලැබීමේ තරගාවලි තුළින් සුදුසුකම් ලබා එක් වනු ඇති.

සුපර් ලීගය යටතේ දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ නෙදර්ලන්තය තවමත් කිසිදු තරගාවලියක් ක්‍රීඩා කර නැහැ.

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...