ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අද තීරණාත්මක තරගයක

Date:

Road Safety World Series තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගී වන තීරණාත්මක තරගයක් අද(14) පැවැත්වෙනවා.

එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගය රාත්‍රී 7ට රායිපූර්හී දී ආරම්භ වීමට නියමිතයි.

මූලික වටයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය වන්නේ ද මෙම තරගයයි.

මේ වන විටත් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇතත්, ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමි කර ගනිමින් මූලික වටය අවසන් කිරීමටනම් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට අද තරගයෙන් විශිෂ්ඨ ජයග්‍රහනයක් වාර්තා කිරීම අනිවාර්යය වනවා.

මේ වන විට ප්‍රසාද ලකුණු 16කට හිමිකම් කියන ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර, ප්‍රසාද ලකුණු 20ටකට හිමිකම් කියන ඉන්දියාව පළමු ස්ථානයේ පසුවනවා.

ඒ අනුව අද තරගයෙන් ජය ගතහොත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ප්‍රසාද ලකුණු 20ක් හිමි වන නමුත්, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටනම් ඉන්දියාවට වඩා ඉහළ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් පවත්වා ගැනීමට සිදු වනු ඇති.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම අවසන් පූර්ව වටයේ දී සිව්වන ස්ථානයේ පසුවන කණ්ඩායම සමගින් තරග කළ යුතුයි.

අනෙක් අවසන් පූර්ව තරගය ප්‍රසාද ලකුණු දෙවැනි ස්ථානය සහ තෙවැනි ස්ථානය හිමි කර ගන්නා කණ්ඩායම් දෙක අතර පැවැත්වීමට නියමිතයි.

මේ අතර, පසුගිය තරගයේ දී ආබාධයකට ලක් වූ සනත් ජයසූරිය මේ වන විට සුවය ලබා ඇති බැවින් අද තරගය සදහා ක්‍රීඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...