අඩිල් රෂීඩ්ගේ පන්දුවකට විරාට් කෝලි අදත් 0 ට දැවී ගිය හැටි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දිය කණ්ඩායම අතර තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය අද(12) අහ්මදාබාද් හී දී ආරම්භ වුණා.

ඒ, දෙරට පැවති ටෙස්ට් තරගාවලිය තරග 3 – 1 ක් ලෙස පසුගියදා ඉන්දිය කණ්ඩායම ජය ගෙන ඇති පසුබිමක් තුළයි.

පළමු 20යි 20 තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් එංගලන්ත නායක ඔයින් මෝර්ගන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ඉන්දිය කණ්ඩායමට ආරාධනා කළා.

කෙසේ වෙතත්, ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඉන්දියාවට හැකියාව ලැබුණේ නැහැ.

පළමු කඩුල්ල ලෙස එක් ලකුණක් පමණක් ලබා සිටි කේ.එල්. රාහුල් දැවී ගියේ ජොෆ්රා ආචර්ගේ පන්දුවක් හමුවේයි.

නායක විරාට් කෝලීට අද තරගයේදී කිසිදු ලකුණක් ලබාගැනීමට හැකියාවක් නොලැබීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා.

අඩිල් රෂීඩ්ගේ පන්දුවක් හමුවේ ක්‍රිස් ජෝර්ඩන් අතට පහසු උඩ පන්දුවක් ලබාදීමෙනුයි කෝලි අද දැවී ගියේ.

එය ඔහු ජාත්‍යන්තර පිටියේ ලකුණු නොලබා දැවී ගිය 28 වන අවස්ථාවයි.

එමෙන්ම අවසන් ඉනිම් 5 තුළ කෝලි ලකුණු නොලබා දැවී ගිය තෙවන අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...