පළමු 20යි 20න් ඉන්දියාවට දරුණු පරාජයක් – එංගලන්තය පන්දුවාර 15න් ඉලක්කය හඹා යයි

Date:

තුන් ඉරියව්වෙන්ම දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ඉන්දියාව සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද(12) සමත් වුණා.

අහ්මදාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායක ඔයින් මෝර්ගන් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, ඉන්දියාවට සාර්ථක පිතිහරඹයක නිරත වීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ අනුව ඉන්දියාවට නියමිත පන්දුවාර 20 අවසන් කිරීමට සිදු වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 124ක් පමණක් ලබා ගනිමින්.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 20ක් තුළ බිද වැටුණා.

කේ.එල්. රාහුල් එක් ලකුණකටත්, විරාට් කෝලි ලකුණු බින්දුවකටත්, ශිකර් දවාන් ලකුණු 4කටත් දැවී ගියා.

කෙසේ වෙතත්, අනතුරුව හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ ෂ්රෙයස් අයියර් පන්දු 48කින් ලකුණු 67ක් ලබා ගත්තා.

රිෂාබ් පාන්ට් ලකුණු 21ක් සහ හර්ඩික් පාන්ඩ්යා ලකුණු 19ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජොෆ්ර ආචර් ලකුණු 23කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 15.3ක් අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පළමු කඩුල්ලට ලකුණු 72ක සබදතාවයක් ගොඩ නැගීමට ජේසන් රෝයි සහ ජොස් බට්ලර් සමත් වූ අතර, බට්ලර් ලකුණු 28කටත්, රෝයි ලකුණු 49කටත් දැවී ගියා.

ජොනී බෙයාර්ස්ටව් නොදැවී ලකුණු 26ක් සහ ඩේවිඩ් මලාන් නොදැවී ලකුණු 24ක් ලබා ගත්තා.

දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 14 වනදා අහ්මදාබාද්හී දී ම පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...