දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් පිලට කඩුලු 8ක පහසු ජයක්

Date:

Road Safety World Series තරගාවලියේ 11 වන තරගයෙන් ජය වාර්තා කිරීමට දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අද(11) සමත් වුණා.

ඔවුන් හමුවේ කඩුලු 8කින් පරාජයට පත් වූයේ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමයි.

රායිපූර්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තයට පන්දුවාර 18.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 121ක් පමණයි.

Darren Maddy ලකුණු 25ක්, Chris Tremlett ලකුණු 23ක් සහ නායක කෙවින් පීටර්සන් ලකුණු 21ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Thandi Tshabalala කඩුලු 3ක් බිද හෙලීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව ඉනිම නිමා වීමට පන්දු 42ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2ක් පමණක් දැවී සිටියදීයි.

Morne van Wyk ලකුණු 46ක් ලබා ගත් අතර, ඇල්විරෝ පීටර්සන් නොදැවී ලකුණු 31ක් ලබා ගත්තා.

මේ වන විට නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව දකුණු අප්‍රිකාව 3 වැනි ස්ථානයේත්, එංගලන්තය 4 වන ස්ථානයේත් පසු වන නමුත්, එම කණ්ඩායම් දෙකටම හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 8ක්.

ප්‍රසාද ලකුණු 16කට හිමිකම් කියන ශ්‍රී ලංකාව එහි පෙරමුණ ගෙන සිටින අතර, ප්‍රසාද ලකුණු 12කට හිමිකම් කියන ඉන්දියාව දෙවැනි ස්ථානයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...