හෂ්මටුල්ලාහ්ගෙන් ඓතිහාසික ඉනිමක් – ඇෆ්ඝනිස්තානය තවත් ලකුණු 495ක් ඉදිරියෙන්

Date:

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(11) නිමා වුණේ තරගයේ වැඩි ගෞරව ඇෆ්ඝනිස්තානයට හිමි කර දෙමින්.

අද දිනයේ දී ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට ඇෆ්ඝනිස්තාන පිතිකරු හෂ්මටුල්ලාහ් ශහිඩී රැස් කළ ද්විත්ව ශතකය සමත් වුණා.

ඔහු පන්දු 443කින් නොදැවී ලකුණු 200ක් රැස් කළේ හයේ පහරක් සහ හතරේ පහර 21ක් සමගින්.

ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු පිතිකරු ලෙසයි ඔහු අද ඉතිහාසගත වුණේ.

ඔහුගේ සුපිරි ඉනිමෙන් සවිමත් වූ ඇෆ්ඝනිස්තානය කඩුලු 4ක් දැවී ලකුණු 545ක් ලබා සිටියදී සිය පළමු  ඉනිම අත්හිටුවීමට පියවර ගත්තා.

නායක අස්ගර් ඇෆ්ඝන් ද ලකුණු 164ක් රැස් කරමින් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමට ඔහු ගත් තීරණයට සාධාරණයක් ඉටු කළා.

අස්ගර් සහ හෂ්මටුල්ලාහ් එක්ව සිව්වැනි කඩුල්ලට ගොඩ නැගූ සබදතාවය ලකුණු 307ක්.

අද දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 50ක් ලබා සිටියා.

තරගය අබුඩාබි නුවර දී පැවැත්වෙන අතර, මේ වන විට සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 495ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...