හෝල්ඩර් කොදෙව් ටෙස්ට් නායකත්වයෙන් ඉවතට

Date:

බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් පත් කර තිබෙනවා.

ඒ, මෙතෙක් නායකත්වය දැරූ ජේසන් හෝල්ඩර් වෙනුවටයි.

බ්‍රැත්වෙයිට් මීට පෙර ටෙස්ට් තරග 7කදී කොදෙව්වන් මෙහෙයවා තිබූ අතර, මෑතකදී නිමා වූ බංග්ලාදේශ තරග සංචාරයේ දී ඔහු ටෙස්ට් කණ්ඩායම මෙහෙයවමින් තරග 2-0ක ජයක් කොදෙව්වන්ට හිමි කර දුන්නා.

ඒ අනුව ඔහු 37 වන කොදෙව් ටෙස්ට් නායකයා ලෙසයි ඉතිහාසයට එක් වන්නේ.

ජේසන් හෝල්ඩර් එරට ටෙස්ට් කණ්ඩායම 2015 වසරේ සිට තරග 37කදී මෙහෙයවා තිබුණා.

එහිදී තරග 11ක් ජය ගත් කොදෙව්වන්, තරග 5ක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිද්දී තරග 21ක් පරාජයට පත් වුණා.

මේ අතර, ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන කොදෙව් සංචිතය අද(12) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...