අද තරගයේ දී වෙනස්කම් දෙකක් ? දෙවැනි තරගයට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

Date:

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද(12) පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතයි.

පෙර තරගය පැවති ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදීම මෙම තරගය ද පැවැත්වෙන අතර, අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් තීරණාත්මක තරගයක් වනු ඇති.

ඒ තරගාවලිය ජය ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමටනම් ශ්‍රී ලංකාවට අද තරගය ජය ගැනීම අනිවාර්යය වන බැවින්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් බහුලම පිතිකරුවා වන ඇන්ජෙලෝ මැතිව්ස් පෞද්ගලික හේතුවක් මත යළි දිවයිනට පැමිණිමට තීරණය කර ඇති බව අප ඊයේ ඔබට තොරතුරු වාර්තා කළා.

ඒ අනුව අද තරගයේ දී වෙනස්කම් කිහිපයක් සිදු වීමට ඉඩ ඇති අතර, මැතිව්ස්ගෙන් පුරප්පාඩු වන ස්ථානය වෙනුවෙන් ඕෂද ප්‍රනාන්දු කණ්ඩායමට කැදවීමට ඇතැම් විට ඉඩ තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ද කණ්ඩායමට යළි ඇතුළත් වීමට වැඩි ඉඩක් පවතිනවා.

දසුන් ශානක තවදුරටත් නිරෝධායනයට ලක්ව සිටින බැවින් ඔහුට මෙම තරගය සදහා ද ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වන්නේ නැහැ.

පළමු තරගයේ දී කැපී පෙනන දක්ෂතාවයක් නොදැක් වූ කමිදු මෙන්ඩිස්ට ඇතැම් විට අද තරගයේ දී කණ්ඩායමේ ස්ථානය අහිමි වීමට ද ඉඩ තිබෙනවා.

කෙසේ වෙතත්, ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇති අන්දමට අද පැවැත්වෙන දෙවන එක්දින තරගයේදී කොදෙව්වන්ට එරෙහිව ක්‍රීඩා කිරීමට ඉඩ ඇති ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේයි.

Dimuth Karunartne (c), Danushka Gunathilaka, Pathum Nissanka, Dinesh Chandimal (wk), Ashen Bandara, Kamindu Mendis, Thisara Perera, Wanindu Hasaranga, Lakshan Sandakan, Dushmantha Chameera, Nuwan Pradeep

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...