කොන්වේ නවසීලන්ත එක්දින සංචිතයට කැදවයි

Date:

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නිත්‍ය නායක කේන් විලියම්සන් ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් මෙම තරගාවලියේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ ටොම් ලේතම්ටයි.

ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඩෙවෝන් කොන්වේ, විල් යන්ග්, ඩැරල් මිචෙල් යන ක්‍රීඩකයින් ද නම් කර ඇති අතර, ඔවුන් නවසීලන්ත එක්දින සංචිතයට කැදවා ඇත්තේ පළමු වරටයි.

මාර්ටින් ගප්ටිල් ද සංචිතයට නම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ආබාධවලට ලක්වීම හේතුවෙන් ලුකී ෆර්ගියුසන් සහ කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් සංචිතයට නම් කර නැහැ.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය එළඹෙන 20 වනදා ඩුනේඩින් හී දී පැවැත්වීමට වීමට නියමිතයි.

ODI squad: Trent Boult, Devon Conway, Martin Guptill, Matt Henry, Kyle Jamieson, Tom Latham (c) (wk), Daryl Mitchell, Jimmy Neesham, Henry Nicholls, Mitchell Santner, Tim Southee, Ross Taylor, Will Young

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...