තරංග 99න් නතර කළ අසම්පූර්ණ වූ දෙවැනි ලකුණේ අභිරහස

Date:

Road Safety World Series තරගාවලියේ තරග රැසක් මේ වන විට අවසන්ව තිබෙනවා.

මූලික වටයේ දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තවත් ඉතිරිව ඇත්තේ එක් තරගයක් පමණක් වන නමුත්, මේ වන විටත් ඔවුන් අවසන් පූර්ව වටයේ ස්ථානය වෙන් කර ගෙන අවසන්.

එංගලන්තයට එරෙහිව එම තරගය පැවැත්වෙන්නේ එළඹෙන 14 වනදායි.

තරගාවලිය යටතේ ඊයේ(10) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 42ක පහසු ජයක් වාර්තා කළ බව අප ඔබට මීට පෙර ද තොරතුරු වාර්තා කළා.

එම තරගයේ දී උපුල් තරංග ක්‍රීඩා කළ සුපිරි ඉනිම මේ වන විට බොහො දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ඔහු පන්දු 47කින් නොදැවී ලකුණු 99ක් රැස් කළේ හයේ පහර 5ක් සහ හතරේ පහර 11ක් සමගින්.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවට ඔහුට ශතකය සම්පූර්ණ කර ගැනීම සදහා ලකුණු දෙකක් අවශ්‍යව තිබූ නමුත්, තරංගට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණයි.

එහිදී පන්දු යවන අන්තයේ සිටි පිතිකරු වූ නුවන් කුලසේකර පළමු ලකුණ සම්පූර්ණ කර දෙවැනි ලකුණ කරා දිව නොගොස් උපුල් තරංග දෙවැනි ලකුණ සම්පූර්ණ කිරීමට ආසන්න වනතුරුම පිතිකරණ අන්තයේ රැදී සිටීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා.

නුවන් කුලසේකර මෙහිදී උත්සාහ දරනු ලැබුවේ උපුල් තරංග දුවද්දී දැවී යාමකට හසුවීම වළක්වා ගනිමින් දෙවැනි ලකුණ සම්පූර්ණ කර ගැනීම සදහා උපක්‍රමශීලී ක්‍රියාමාර්ගයක් බව බොහෝ දෙනෙකුගේ මතයයි.

මෙම ජයග්‍රහනයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ද ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මේ වන විට සමත්ව සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...