හෝප්ගේ ශතකයෙන් සවිමත් වූ කොදෙව්වන්ට කඩුලු 8ක පහසු ජයක්

Date:

ශ්‍රී ලංකා මැද පෙල පිතිකරුවන් දැක් වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා කොදෙව්වන්ට ලකුණු 233ක ඉලක්කයක් හිමිව තිබූ අතර, එය ඔවුන් පසු කර ගියේ පන්දුවාර 47ක් අවසානයේ කඩුලු 2ක් දැවී සිටියදීයි.

යළිත් සිය විශිෂ්ඨ පිතිහරඹ රටාවට ප්‍රවිශ්ට වූ ෂේයි හෝප් සිය 10 වන එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 110ක් රැස් කළා.

පන්දු 133කින් වාර්තා වූ ඔහුගේ සුපිරි ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 12ක් ඇතුළත්.

එවින් ලුවිස් ලකුණු 65ක් සහ ඩැරන් බ්‍රාවෝ නොදැවී ලකුණු 37ක් ලබා ගත්තා.

හෝප් සහ ලුවිස් අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු වාර්තාගත සබදතාවය ලකුණු 143ක්.

එය ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර පැවැති එක්දින තරගයකදී පළමු කඩුල්ල වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනෙකු වාර්තා කළ හොදම සබදතාවයයි.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු 2ක් බිද හෙලුවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 232ක්.

ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට දිමුත් සහ ධනුෂ්ක ගුණතිලක සමත්වුණේ ලකුණු 105ක සබදතාවයක් පළමු කඩුල්ලට එක්කරමින්.

දිමුත් ලකුණු 52කට දැවී ගිය අතර, ධනුෂ්ක ලකුණු 55කට දැවී ගියේ පන්දු රකින්නන්ට බාධා කිරීමේ වරදට හසු වීමෙන්.

ALSO READ : පන්දු රකින්නන්ට බාධා කිරීම නිසා දැවී ගිය පළමු ශ්‍රී ලංකා පිතිකරු බවට ධනුෂ්ක පත් වූ හැටි

සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලකුණු 8කට දුවද්දී දැවී ගිය අතර, ඇන්ජෙලෝ මැතිව්ස් ද ලකුණු 5ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට හසු වුණා.

ඒ අනුව ශතක සබදතාවයෙන් පසුව ලකුණු 21ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 4 දැවී යාම විශේෂත්වයක්.

මංගල එක්දින තරගයේ දී ම අර්ධ ශතකයක් වාර්තා කළ පස්වැනි ශ්‍රී ලාංකිකයා බවට පත් වූ අශේන් බණ්ඩාර ලකුණු 50ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමට ගෞරවනීය අවසානයක් හිමි කර දුන්නා.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් සහ ජේසන් මොහොමඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය එළඹෙන 12 වනදා(හෙට) පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...