ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වටයට

Date:

උපුල් තරංගගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් Road Safety World Series තරගාවලිය යටතේ බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 42ක පහසු ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුණා.

රායිපූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 180ක් ලබා ගත්තා.

උපුල් තරංග පන්දු 47කින් නොදැවී ලකුණු 99ක් රැස් කළේ හයේ පහර 5ක් සහ හතරේ පහර 11ක් සමගින්.

තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 33ක් සහ චාමර සිල්වා ලකුණු 24ක් ලබා ගත් අතර, සනත් ජයසූරිය ලකුණු 4ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 138ක් පමණයි.

නසිමුදින් ලකුණු 54යි.

පන්දු යැවීමේ දී තිලකරත්න ඩිල්ෂාන් කඩුලු 3ක් බිද හෙලූ අතර, ධම්මික ප්‍රසාද් කඩුලු 2ක් දවා ගත්තා.

මෙම තරගයේ දී ඩිල්ෂාන් විසින් සුපිරි උඩ පන්දුවක් ද රැක ගත් අතර, එය මේ වන විටත් බොහෝ දෙනෙකුගෙන් අවධානය දිනා ගෙන ඇති බවක් දක්නට ලැබෙනවා.

මෙම ජයත් සමගින් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ ‍පෙරමුණ ගැනීමට ද ශ්‍රී ලංකාව සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 16කට හිමිකම් කියමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...