පන්දු රකින්නන්ට බාධා කිරීම නිසා දැවී ගිය පළමු ශ්‍රී ලංකා පිතිකරු බවට ධනුෂ්ක පත් වූ හැටි

Date:

පන්දු රකින්නන්ට බාධා කිරීම හේතුවෙන් දැවී ගිය පළමු ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට අද(10) සිදු වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

පළමු කඩුල්ල වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක සහ දිමුත් කරුණාරත්න අතර ලකුණු 105ක සබදතාවයක් ගොඩ නැගුණා.

දිමුත් ලකුණු 52කට දැවී ගියා.

ධනුෂ්ක ලකුණු 55ක් ලබා සිටියදීයි ඉතාමත් අවාසනාවන්ත ලෙස පන්දු රකින්නන්ට බාධා කිරීම හේතුවෙන් දැවී ගියේ.

කෙසේ වෙතත්, කොදෙව්වන් ධනුෂ්ක ගුණතිලක දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම් කරන ලෙසට එම අවස්ථාවේ කළ ඉල්ලීම පිටියේ විනිසුරුවන් සහ තෙවන විනිසුරු විසින් ද පිළිගත් නමුත්, පුනරූපනවලින් දක්නට ලැබුණේ ධනුෂ්ක විසින් හිතාමතා එවැනි බාධා කිරීමක් සිදු නොකළ බවයි.

ඒ අනුව මෙම විනිසුරු තීරණය දැඩි මතභේදයට තුඩු දුන්න ද, පන්දු රකින්නන්ට බාධා කිරීම හේතුවෙන් දැවී ගිය පළමු ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසයි ඔහු මේ වන විට ඉතිහාසගත වී ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...