චෙන්නායි පිලේ වෙළදනාම වටිනාකම කෝටි 611 ට බසියි – මුම්බායි තවමත් පෙරමුණේ

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වෙළදනාම වටිනාකම (brand value) විශාල වශයෙන් පහත වැටී තිබෙනවා.

මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි කණ්ඩායම පසුගිය වසරේ දී දැක් වූ දුර්වල ක්‍රීඩා විලාශය සහ කොරෝනා වසංගතය හේතුවෙන් ඔවුන්ගේ වෙළදනාම වටිනාකම මෙලෙස පහත වැටී ඇති බව සදහන්.

2020 තරග වාරයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානය හිමි කර ගත් අතර, ඉතිහාසයේ පළමු වරට අවසන් වටයේ ස්ථානයක් වෙන් කර ගැනීමට ද ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ.

ඒ අනුව චෙන්නායි කණ්ඩායමේ වෙළදනාම වටිනාකම 16.5%කින් පහත වැටී තිබෙනවා.

මීට පෙර ඉන්දීය රුපියල් කෝටි 732ක වටිනාකමක් හිමිවූ එම කණ්ඩායමට මේ වන විට හිමිව ඇති වටිනාකම කෝටි 611ක් පමණයි.

ඊට අමතරව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වෙළදනාම වටිනාකම 13.75%කින් පහත වැටී ඇති බව සදහන්.

ඉන්දීය රුපියල් කෝටි 543 ක් දක්වා ඔවුන්ගේ වටිනාකම පහත වැටී ඇත්තේ කෝටි 629 සිටයි.

පසුගියවරද අයි.පී.එල් ශූරතාවය දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තවදුරටක් ඉහළම වෙළදනාම වටිනාකමකට හිමිකම් කියනවා.

ඒ, ඉන්දීය රුපියල් කෝටි 761ක වෙළදනාම වටිනාකමක් හිමි කර ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...