ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගනය තීරණය කෙරේ

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය එංගලන්තයේ සවුත්හැම්ටන් හී දි පවත්වන බව ජගත් ක්‍රිකට් කවුන්සලය අද(10) නිවේදනය කළා.

Hampshire Bowl ක්‍රීඩාංගනයේ දී ජෛව ආරක්ෂිත බුබුලක එම තරගය පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

ඒ සදහා මේ වන විට සුදුසුකම් ලබා ඇත්තේ නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායමයි.

මීට පෙර අවසන් මහා තරගය ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීම සදහා සූදානම්ව සිටියද, කොරෝනා වසංගතය හේතුවෙන් ජෛව ආරක්ෂිත බුබුලක තරගය පැවැත්වීමට අවශ්‍ය බැවින් ඒ සදහා සවුත්හැම්ටන් ක්‍රීඩාංගනය තෝරා ගෙන ඇති බව සදහන්.

ඒ, එම ක්‍රීඩාංගනයේම හෝටල් පහසුකම් ද පවතින බැවින්.

අවසන් තරගය නැරඹිම සදහා ප්‍රේක්ෂකයින් සීමිත පිරිසකට අවස්ථාව ලබා දීමට ද ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...