ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සම්පූර්ණයෙන් අවලංගු කෙරේ

Date:

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සහ සිම්බාබ්වේ තරග සංචාරය අවලංගු කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මෙම මාසයේ දී ඉන්දීය කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතව තිබූ අතර, එහිදී දෙරට අතර එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, කොරෝනා වසංගත තත්ත්වයත් සමග උද්ගතව ඇති තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම තරග සංචාරය සහ අගෝස්තු මාසයේ සිදු කිරීමට නියමිත වූ සිම්බාබ්වේ තරග සංචාරය අවලංගු කිරීමටයි එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

ඉන්දීය කණ්ඩායම නියමිත පරිදි මෙරට තරග සංචාරයේ නිරත නොවන බව ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ප්‍රකාශ කළ නමුත්, අදාළ තරග සංචාරය අගෝස්තු මාසයට කල් දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබුණා.

කෙසේ වෙතත්, අද දිනයේ දී නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළේ අදාළ තරග සංචාර සදහා ඉන්දීය කණ්ඩායම සහභාගී නොවන බවයි.

ඉන්දීය ක්‍රීඩකයින් සදහා පුහුණු කටයුතු ආරම්භ කරනුයේ ද ඒ සදහා සම්පූර්ණයේම ආරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වීමෙන් පසුව බව ද ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...